banner banner banner
හැරවුම් ලක්ෂ්‍යය
හැරවුම් ලක්ෂ්‍යය
Оценить:
Рейтинг: 0

Полная версия:

හැරවුම් ලක්ෂ්‍යය

скачать книгу бесплатно


“මම කෑමට කැමතියි” කියා ඔබ මට පැවසුවාද?

එසේනම් ඔබ බෙහෙවින්ම ආසා කරන දේ නිෂ්පාදනය කොට ලෝකයේ සෑම අස්සක් මුල්ලක් නෑරම ගෙන යන සමාගමක් විවෘත කිරීම ඔබට කල හැකිය.

ඔබගේ ආශාවන් අනුව ඔබගේ ඉලක්කය තෝරා ගන්නේ නම්, ඔබ වැඩ කරන අතරතුර සෑම අවස්ථාවකදීම සතුටු වනු ඇත.

ඔබ තවමත් ඔබේ ඉලක්කය තෝරාගෙන නැද්ද?

ඔබේ අභිමතය පරිදි ඔබේ ඉලක්කය තෝරා ගැනීමට ඔබට නොහැකි නම්, දැන් මට ඔබේ සුදුසුකම් බලන්නට ඉඩ දෙන්න.

හ්ම්…

ඔබේ සුදුසුකම් හොඳයි, නමුත් මෙය ඉතා තරඟකාරී කාලයකි. මට තව ටිකක් හිතන්න ඉඩ දෙන්න…

ඔබේ සුදුසුකම් මත පදනම්ව ඔබගේ ඉලක්ක තැබිය යුතු නම් මේ දේවල් ගැන සිතන්න -

(1). පළමුවෙන්ම, ඔබේ සුදුසුකම් මත පදනම් වූ වාසිදායක අවස්ථාව කුමක්දැයි පරීක්ෂා කරන්න.

ඔබ එයපරික්ෂාකරන්නේ කෙසේද? - අන්තර්ජාලය භාවිතා කිරීම මගින්.

දැන් ඒවා එකිනෙක කඩදාසියක් මත ලියන්න.

(2). දැන් එම කඩදාසියේම ඔබට සතුටින් සිටීමට සෑම මසකම කොපමණ මුදලක් අවශ්‍යද කියාත් ලියන්න.එය ඩොලර් 1000 ද? එය ඩොලර් 2000 ද? නැතහොත් තව ටිකක් - ඩොලර් 10,000 ද? ඔබ එය පැහැදිලිව ලිවිය යුතුය.

(3). දැන් ඔබට අවශ්‍ය මුදල් ප්‍රමාණය අනුව වඩා වාසිදායක අවස්ථාව තීරණය කරන්න.

(4). ඔබට දැන්පැහැදිලි ඉලක්කයක් තිබේද? පිළිතුර, ඔව් නම් - එම ඉලක්කය සපුරා ගැනීමට උත්සාහ කරන්න.

(5). “එසේ නොවේ නම්” - ඔබ අපේක්ෂා කරන්නාවූ මුදල අනුව නව අවස්ථාවක් නිර්මාණය කරන්න. ඔබගේ අපේක්ෂිත මුදල විශාල නම්, ඔබ අනිවාර්යයෙන්ම නව අවස්ථාවක් නිර්මාණය කළ යුතු අතර එලෙසම, ඔබ අනෙක් පුද්ගලයින්ට රැකියාද ලබා දිය යුතුය.

3 වන පරිච්ඡේදය

පියවර ගැනීම

බොහෝ විට මිනිසුන් තමන්ගේ ඉලක්ක තබා ගන්නා නමුත් තම ඉලක්ක අනුව ක්‍රියාත්මක නොවී අසමත් වෙති.

මට ටිකක් පැහැදිලි කරන්න ඉඩ දෙන්න. “ශිෂ්‍යයෙකු ඉහළම ස්ථානයකට යා යුතුයි” - ඉලක්කය එයයි. එම ශිෂ්‍යයාගේ ඉලක්කය ඉතා පැහැදිලියි. නමුත් ඔහු ඉහළට එයිද?

ඔහු / ඇය හොඳින් අධ්‍යාපනය ලැබුවහොත් මිස එම ශිෂ්‍යයා කිසි විටෙකත් ඉහළින්ම නොසිටිනු ඇත, එනම් ඔහු / ඇය, ඔහුගේ / ඇයගේ ඉලක්කය ඉටු කරගැනීමට ඒ අනුව ක්‍රියා කල යුතුය.

බොහෝ සිසුන්ගේ ඉලක්කය වන්නේ ඉහළම ස්ථානයට ලඟා වීමයි, නමුත් ඉතා සුළු පිරිසකට පමණක් මෙය කළ හැකි වේ. - මන්ද ඔවුන් ඔවුන්ගේ අරමුණු අනුව ක්‍රියා කරන බැවිනි.

එබැවින්, ක්‍රියාව ආශාව සමඟ සම්බන්ධ නොවන තාක්, සාර්ථකත්වය අත්කර නොගන්නා බව සනාථ වේ.

ඔබේ ඉලක්කය අනුව ඔබේ ක්‍රියාවන් සකසා ගත යුතුයි. නිදසුනක් වශයෙන්, ඔබට බඩගිනි නම්, එය ජලය පානය කිරීමෙන් සමනය කළ නොහැක. කුසගින්න සන්සුන් කිරීම සඳහා ඔබ ආහාර ගත යුතුය. එනම්, ඔබට අවශ්‍ය ඕනෑම දෙයකදී, ඔබ විසින් ඒ සම්බන්ධව අවශ්‍ය නිවැරදිපියවර ගත යුතුය.

හ්ම්ම්ම්ම් …

ඔබ මට කියා සිටින්නේ ඔබ අවශ්‍ය පියවර ගෙන ඇති බවයි, නමුත් ඔබ බලාපොරොත්තු වන ආකාරයට ප්‍රතිඵල නොලැබේ. බොහෝ පුද්ගලයින් ඔබව අභිබවා ගොස් ඇත.

ඒ වෙනුවෙන් මට ඔබට දීමට පිළිතුරක් ඇත

4 වන පරිච්ඡේදය

වෙහෙසමහන්සිවීවැඩකිරීම

ඔබ විසින් ඔබටම තබා ගත් ඉලක්කය, බොහෝ අයත් තමන් වෙනුවෙන් තබා ඇති ඉලක්කයම වේ. නමුත් ගමනාන්තය කරා ලඟා විය හැක්කේ ස්වල්ප දෙනෙකුට පමණි. මෙයට හේතුව කුමක්ද? මම එක වාක්‍යකින් පිළිතුරු දුනහොත් - “වෙහෙස මහන්සි වී වැඩ කිරීම”.

පුද්ගලයෙක් වෙහෙස මහන්සි වී වැඩ කරන තරමට ඔහුට සාර්ථක වීමේ අවස්ථාවන් වැඩි වේ.

මගේ මිතුර! බොහෝ පුද්ගලයින් උදෑසන කර්මාන්ත ශාලාවට ගොස් සවස් වරුවේ නැවත පැමිණේ. නිවාස ඉදිකිරීම සඳහා කම්කරුවන් ලෙස බොහෝ අය තම ශ්‍රමය වැය කරමින් වැඩ කරති.

ඒ සියලු පුද්ගලයින් වෙහෙස මහන්සි වී වැඩ කරන්නේ නැද්ද?

ඔබ කියන්නේ - සත්තකින්ම ඒ අය වෙහෙස මහන්සි වී වැඩ කරනවා කියායි.

ඉතින් මෙයින් අදහස් කරන්නේ කුමක්ද? වෙහෙස මහන්සි වී වැඩ කරන අයට විශාල මුදලක් නැත්තේ ඇයි?

මගේ මිතුර! ඔබ කොහොඹ ගසක් සිටවීමට වෙහෙස මහන්සි වී එම ගසෙන් ඇපල් ගෙඩි ලබා ගැනීමට බලාපොරොත්තු වන්නේ නම් එය එසේ සිදුවෙයිද?

"නැත"

ඔබ කොහොඹ ගසක් වගා කිරීමට වෙහෙස මහන්සි වී ඇති නිසා ඇපල් ගෙඩියක් නොව කොහොඹ ගෙඩියක් එම ගසින් ඔබට ලැබෙනු ඇත.

එබැවින් මෙයින් ගම්‍ය වන්නේ ඔබ වෙහෙස මහන්සි වී වැඩ කල යුතු නමුත් එය නිවැරදි දිශාවක් එල්ලයේ කලයුතු බවයි. ඔබ වෙහෙස මහන්සි වී වැඩ කළ යුත්තේ ඔබේ ඉලක්කය සපුරා ගැනීම සඳහා පමණක් වේ.

5 වන පරිච්ඡේදය

අවධානය යොමු කිරීම

ඔබ තබා ඇති ඉලක්ක සම්පූර්ණ කර ගැනීම ගැන පමණක් සිතන්න. ඔබ එකවර එක් ඉලක්කයකට වඩා අවධානය යොමු කරන්නේ නම්, ඔබගේ සාර්ථකත්වයට පත්වීමේ අවස්ථා ඉතා සුළුය.

ඔබ එක් ඉලක්කයක් පමණක් තැබූ විට, ඔබේ මොළය එයට හැකි සෑම ආකාරයකින්ම එම ඉලක්කය සපුරා ගැනීමට උත්සාහ කරයි. මෙම තත්වය තුළ ඔබේ මනස තනි ඉලක්කයක් වෙත යොමු වේ.

ඔබ පාවෙන බෝට්ටුවක සිටගෙන සිටින බව දැන් උපකල්පනය කරන්න. ඔබට එකවර දූපත් දෙකක් පෙනේ. කිසියම් කෙනෙකු ඔබට පවසනවා එක් දූපතක රත්තරන් පෙට්ටියක් තිබෙන බවත් අනිත් දූපතේ රිදී පෙට්ටියක් තිබෙන බවත්. ඉතින් ඔබ කරන්නේ කුමක්ද?

ඔබ දූපත් දෙකෙන්ම එම පෙට්ටි එකවර ගන්නවාද?

"නැත"

ඔබ පළමුව එක් පෙට්ටියක්ද ඉන්පසුව දෙවන පෙට්ටියද ගනු ඇත.

එනම්, ඔබට එකවර ඉලක්ක දෙකක් සපුරා ගත නොහැක. පළමුව ඔබ එක් ඉලක්කයක් සම්පූර්ණ කළ යුතුය, ඉන්පසුව අනෙක් ඉලක්කය වෙත අවධානය යොමුකළ යුතුය.

එබැවින් වරකට එක් ඉලක්කයක් පමණක් තබා ගන්න. වරකට එක් ඉලක්කයක් වෙත පමණක් ඔබේ අවධානය යොමු කරන්න.

ඔබට සාර්ථක වීමට අවශ්‍ය නම්, ඔබ නිරන්තර අවධානය යොමුකර සිටිය යුතුය.

ඔබගේ ඒකාග්‍රතාවය / අවධානය වැඩි කර ගත හැකි යම් ක්‍රමයක් තිබේද?

"ඔව්"

ඔබ එය කරන්නේ කෙසේදැයි මම ඔබට කියන්නම්.

ඔබ හැර වෙනත් කිසිවෙකු නොමැති ඔබගේ නිවසේ ඕනෑම කාමරයකට යන්න. ඔබේ කාමරයේ වායුගෝලය ලිහිල්ව පැවතිය යුතුය. මොනයම් ශබ්දයක්වත් නොතිබිය යුතුය. කාමරයේ බිම සරල කාපට් එකක් අතුරා තබන්න. කාමරයේ විදුලි පහන් නිවා දමා ඔබ එම කාපට් එක මත වාඩි වන්න. දැන් ඔබේ දෑස් වසා ගන්න. ඔබගේ හුස්ම දැනීමට පටන් ගන්න. හුස්ම ගන්නා විට සහ එය පිට කරන විට - ප්‍රවේශමෙන් එය දැනෙන්නට ඉඩ හරින්න.

එපමණයි.

ආරම්භයේදී ඔබ මෙය මිනිත්තු 5 ක කාලයක් කළ යුතු නමුත් ක්‍රම ක්‍රමයෙන් මෙම කාලය වැඩි කරන්න.

ඔබට පුදුමාකාර ප්‍රතිඵල ලැබීමට පටන් ගනී. මෙය කිරීමෙන් ඔබේ ඒකාග්‍රතාවයේ බලය අති මහත් ලෙස වැඩි වේ.

6 වන පරිච්ඡේදය

අධිෂ්ඨාන ශක්තිය

අධිෂ්ඨාන ශක්තියකින් තොරව, කිසිඳු කාර්යයක් කිසි විටෙකත් සම්පූර්ණ කළ නොහැක. යම් කාර්යයක් කිරීම සඳහා වැඩි අධිෂ්ඨානයක් ඇති පුද්ගලයෙකු විසින්, එම කාර්යය සාර්ථක කර ගැනීමට ඇති ඉඩකඩ ඉතා වැඩිය.

නමුත් අධිෂ්ඨාන ශක්තිය මෙතරම් වැදගත් වන්නේ ඇයි?

මම ඔබට උදාහරණයක් දෙන්නම්. මගේ මිතුර! කුඩා කුහුඹුවන් තමන්ගේ ප්‍රමාණයට වඩා කිහිප ගුණයකින් විශාල තිරිඟු ආදී ධාන්‍ය රැගෙන යන ආකාරය ඔබ දැක තිබේද? එම කුඩා කුහුඹුවා තමන්ගේ බරටත් වඩා විශාල ධාන්‍ය ඇටයක් රැගෙන යන්නේ කෙසේද?

අධිෂ්ඨාන ශක්තියේ බලය මෙයයි. ඔබ මෙය තේරුම් ගන්නේ නම්, ඔබට පහසුවෙන්ම විශාලතම කාර්යයන් පවා කළ හැකිය.

අධිෂ්ඨාන ශක්තිය = අධිෂ්ඨානය + ශක්තිය

මෙයින් අදහස් කරන්නේ ඔබේ ආශාව තුළ කොපමණ ශක්තියක් තිබේද යන්න මත පදනම්ව ඔබට සාර්ථකත්වය ලබා ගැනීමට අවස්ථාවක් ඇති බවයි.

නමුත් අධිෂ්ඨාන ශක්තිය වැඩි කරන්නේ කෙසේද?

එය ඉතා සරලයි - ඔබට ලබා ගැනීමට අවශ්‍ය ඕනෑම දෙයක්… එම ආශාව තව තවත් ශක්තිමත් කරගන්න. මාව විශ්වාස කරන්න මිතුර! ඔබට මෙය කරන්න පුළුවන්.

7 වන පරිච්ඡේදය

ඔබගේ දෛනික කාර්යයන් බෙදන්න

ඔබගේ වැදගත් වැඩ ඔබ කරන්නේ දවසේ කුමන වේලාවේද? ඔබ ඒවා කරන්නේ උදය කාලයේදීද? ඒවා කරන්නේ දිවා කාලයේදීද? නැතහොත් ඔබ ඒවා සවස් වරුවේ කරනවාද?

දවස තුල ඔබ වඩාත් ක්‍රියාකාරී වන්නේ කුමන වේලාවන්හිදී ද කියා මට කියන්න?

ඔබ නින්දෙන් අවදි වන විට, එනම් උදය කාලයේදී.

එමනිසා, ඔබේ වැදගත් වැඩ සියල්ලම ඔබ කලයුතු වන්නේ උදය කාලයේදීය. උදෑසන ඔබේ මොළය ඉතා ක්‍රියාකාරී වේ. මෙම අවස්ථාවේදී, ඔබට ඉගෙන ගැනීමට අවශ්‍ය ඕනෑම දෙයක්, ඔබට පහසුවෙන්ම ඉගෙනගත හැකිය.

ඔබ නින්දෙන් අවදි වන විට ඔබට ඉතා නැවුම් බවක් දැනේ. මෙම අවස්ථාවේදී, අනවශ්‍ය සිතුවිලි ඔබගේ මනසට නොඑයි. එමනිසා, ඔබේ වැදගත්ම කාර්යයන් කිරීමට මෙම කාලය තෝරාගන්න.

ඔබගේ දෛනිකකාර්යයන් දවසේ කොටස් 3 කට බෙදන්න -

(1). අතිශයින් වැදගත් වැඩ

(2). තරමක් අඩු වැදගත්කමක් ඇති වැඩ

(3). ඉතා අඩු වැදගත්කමක් ඇති වැඩ

(4). විනෝදාශ්වාද කාර්යයන්

(1). දවසේ පළමු කොටසේ වඩාත්ම වැදගත් කාර්යයන් කරන්න. මේ අවස්ථාවේදී එම කාර්යයන් හැර වෙන කිසිවක් ගැන නොසිතන්න.

(2). වැදගත්ම කාර්යයන් අවසන් වූ පසු, ස්වල්ප වේලාවක් විවේක ගන්න. ඔබේ මනස නැවුම් කරගන්න. දැන්, තරමක් අඩු වැදගත්කමක් ඇති කාර්යයන් සම්පූර්ණ කරන්න.

ඒවා සම්පුර්ණ නම්, ඔබ ටික වේලාවක් විවේක ගත යුතුයි. අවශ්‍ය නම් ඔබට ටික වේලාවක් විනෝදාශ්වාද කාර්යයන්ද කල හැකිය.

(3). අවසානයේ ඉතා අඩු වැදගත්කමක් ඇති කාර්යයක් කරන්න.

8 වන පරිච්ඡේදය

උදේ පාන්දරින් අවදි වන්න

ඔබ උදෑසන අවදි වන්නේ කුමන

වේලාවට ද? ඉර උදාවූ පසු ද ??

උදේ පාන්දරින් අවදි වීමෙන් ලැබෙන බොහෝ වාසි ඇත. මම ඔබට ඒවා විස්තර කරන්නම්, ඒවා මොනවද කියා දැනගන්න කැමතිද?

(a). ඔබ උදේ පාන්දරින් අවදි වන විට, මේ අවස්ථාවේදී ඔබ අවට වායුගෝලය සන්සුන්ව පවතී.

(b). මෙම අවස්ථාවේදී වායුගෝලයේ ඍණාත්මක ශක්තියක් නොමැත.

(c). ඔබ මේ අවස්ථාවේදී ඔබේ වැදගත් කාර්යයන් කරන්නේ නම්, කිසිවෙකුගේ බාධාවකින් තොරව ඔබට පහසුවෙන් ඒවා කළහැකි වේ.

(d). මෙම අවස්ථාවේදී ඔබේ මනෝභාවය ඉතා නැවුම් වේ. නිෂ්ඵල සිතුවිලි ඔබේ මනසට ගලා ඒමේ හැකියාවක් නැත.

(e). උදේ පාන්දරින් අවදි වීම මගින් ඔබගේ ඍණාත්මක ශක්තීන් ඉවත්වී යයි.


Вы ознакомились с фрагментом книги.
Для бесплатного чтения открыта только часть текста.
Приобретайте полный текст книги у нашего партнера:
Полная версия книги
(всего 210 форматов)